fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 10:15

කැලිෆෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඩ් ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අවස්ථාවේදී ශාලාව තුළ පුද්ගලයින් 200 දෙනෙකු සිට ඇති බවයි වාර්තාවන්නේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසි අට හැවිරිදි ඉයෑන් ඩේවිඩ් නම් පුද්ගලයෙක්. මොහු මානසික රෝගයකින් පෙළෙන බවයි එරට පොලිසිය සදහන් කළේ. මෙම සිද්ධියට ශෝකය ප්‍රකාශ කරමින් ධවල මන්දිරයේ ධජය ද අඩකුඹු කෙරුණා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දුන්නේ සියලුම රජයේ සහ පොදු ගොඩනැගිලිවල ධජයන් නොවැම්බර් දස වනදා හිරු බැස යනතුරු අඩකුඹු කර තබන ලෙසයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්