fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කැලිෆෝනියාවේ පුද්ගලයින් විසිහය දහසක් ආරක්ෂිත ස්ථාන වලට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 09:14

උතුරු කැලිෆෝනියාවේ පුද්ගලයින් විසිහය දහසක් ආරක්ෂිත ස්ථාන වලට

උතුරු කැලිෆෝනියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් විසිහය දහසක් එම ප්‍රදේශයෙන් ඉවත්කර තිබෙනවා.

මේ හේතුවෙන් අක්කර අටදහසක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. පැයට කිලෝමීටර් අසූවක පමණ වේගයෙන් හමාගිය සුළඟ හේතුවෙන් ලැව්ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. නිවාස සියගණනක් පමණ විනාශ වී ඇති බව එරට වාර්තා සදහන් කරනවා. එම ප්‍රදේශයේ නිවාස දහස් ගණනකට විදුලිය ද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. ලැව්ගිනි නිවීමේ මෙහෙයුමේ නිරතව සිටි ගිනි නිවන භටයින් කිහිප දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා. ඉදිරි පැය 24 තුළ උතුරු කැලිෆෝනියාවේ ලැව්ගිනි තත්ත්වය තවදුරටත් පැතිර යා හැකි බවට රතු නිවේදන ද නිකුත් කර ඇති බව සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2018 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්