ඇමෙරිකා ජනපති හා සී එන් එන් මාධ්‍යවේදියෙකු අතර ධවල මන්දිරයේ දී උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.
ප්රවෘත්ති සාකච්ඡාවක් අතර සිදුවූ මෙම සිද්ධියත් සමග මාධ්‍යවේදියා ඉන් ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයා පියවර ගත්තා. ධවල මන්දිරයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන්. මාධ්‍යවේදීන් රැසක් ඊට එක්ව සිටියා. ධවල මන්දිරයේ සී එන් එන් ප්‍රධාන මාධ්‍යවේදී ජිම් ඇකෝස්ටා මෙහිදී ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අඛණ්ඩව ප්‍රශ්න කිරීම් සිදුකළා. එහිදී දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවක් සිදුවුණා. ඒ සමග ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඇමෙරිකා ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ඒ අනුව ධවල මන්දිර කාර්ය මණ්ඩලය ඔහු ඉවත් කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. මාධ්‍යවේදියාගේ මයික්‍රෆෝනය උදුරා ගැනීමට තැත්කරන ආකාරය ද එම මාධ්‍ය වාර්තා කළේ මෙලෙසින්. කෙසේ වෙතත් ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසන්නේ මෙම මාධ්‍යවේදියා කාන්තාවකට බාධා කරමින් එම ස්ථානයේ හැසිරුණු බවයි. සී එන් එන් මාධ්‍යවේදියා භයානක මෙන්ම බිහිසුනු පුද්ගලයකු බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත්තේ. සී.එන්.එන්. මාධ්‍යවේදියා මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.