fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 18:15

විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත් වෙයි

උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් වුණා. ඉවත්වීමේ ලිපිය පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත භාරදුන් බවයි සී වී විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ.

ඒ අනුව විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකු නොවන බව තමිල් අරසු පක්ෂය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ලිපිය භාරදීම සඳහා යාපනයේ දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේෂ්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ති‍්‍රවරයා සමඟ පැයක පමණ කාලයක් සාකච්ඡා කළා. තමන් පිහිටුවා ගත් ටී එන් කේ පක්ෂය ඔස්සේ තම දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන යන බවයි විග්නේෂ්වරන් මහතා එහිදී සඳහන් කළේ. උතුරේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවත් ඔහු ප‍්‍රකාශ කළා. ප‍්‍රධාන දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය ගණුදෙණු කිරීමේදී වඩාත් ප‍්‍රවේශම් වියයුතු බවටයි සී වී විග්නේෂ්වරන් මහතා පෙන්වාදී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්