උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ගොනු කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු අධිකරණ පුවත් තුළින්.
උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී ඩෙනීෂ්වරන් මහතා එම තනතුරේ අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමිනුයි විග්නේෂ්වරන් මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණේ. විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම අභියාචන පෙත්සම ප්‍රතික්ෂේප කළා.
බලපත්‍ර නොමැතිව වන අලි ලඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් අතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි නඩුව අද යළි කැදවූවා. ඒ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදීයි. විත්තිකරුවන්ට පැමිණිලි පාර්ශ්වයෙන් ලැබිය යුතු ලේඛන සියල්ල ලැබී ඇත්දැයි විමසීම සදහා නඩුව ලබන 28 වනදා කැදවීමට තීරණය කළා. අලි රොෂාන් ඇතුළු 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුව පවරා තිබෙන්නේ චෝදනා 24 ක් යටතේයි.