ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා. ආසියා ශාන්තිකර කටයුතු භාර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කරනවා.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වන එමිලි තෝන්බරී මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පවුම් මිලියන හතයි දශම නවයක අරමුදල් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. 2016, 2019 යන කාලසීමාව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.
පැවති දීර්ඝ කාලීන යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ නැවත ඉදිකිරීම් කටයුතු සදහා සහාය ලබාදෙන බවයි ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ. තවද ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය රැකීම මානව හිමිකම් තත්ත්වය සහ සංහිදියාව පසුබිම් කරගෙනයි මෙම ආධාර මුදල් ලබා දෙන්නේ. මීට අමතරව තවත් පවුම් මිලියන එකක අරමුදල් ප්‍රමාණයක් යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සදහා ලබා දුන් බවද සදහන් වනවා.