මහියංගන ප්‍රාදේශීය සභාවට අලි වෙඩිල්ලක් රැගෙන ඒම නිසා එම සභාව උණුසුම් වුණා. ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත ස්වාමීන් වහන්සේයි එය රැගෙනවිත් තිබුණේ.
මහියංගණ නගරය හා අවට වන අලි ගැටලුවට වගකිවයුත්තන්ගේ අවධානය ලබා ගැනීමට මැදිහත්වන ලෙස වටරැක විජිත හිමියන් ප්‍රාදේශීය සභා රැස්වීම අමතමින් සභාවෙන් ඉල්ලා සිටියා. උන් වහන්සේ සිය කතාව අතරවාරයේ අලි වෙඩි දෙකක් පෙන්වමින් අලි වෙඩිවල දැඩි හිගයක් පවතින බව කියා සිටියා. ඒ හේතුවෙන් අලින් පළවා හැරීමට ගම්වැසියන්ට නොහැකි වී ඇති බව ද උන් වහන්සේ ප්‍රකාශ කළා. මේ සදහා වගකිවයුත්තන් ක්‍රියා නොකරන බවට චෝදනා කළ ඒ හිමියන් ඊට විරෝධය පළ කරමින් සභාවෙන් පිටත අලි වෙඩි පත්තු කිරීමට තමන් හා එක්වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව පක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරුන් රැසක් වටරැක විජිත හිමියන් සමග එක්ව අලි වෙඩි පත්තු කර විරෝධතාවේ නිරත වුණා.