fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය ලකුණු 250 ක් ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 12:00

එංගලන්තය ලකුණු 250 ක් ඉදිරියෙන්

පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වන දිනයේ දිවා ආහාරයට තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම ලකුණු 250 ක් ඉදිරියෙන් සිටිනවා. දෙවැනි ඉණිම වෙනුවෙන් එංගලන්තය කඩුලු තුනකට ලකුණු 111 යි. ආරම්භක පිතිකරු කීටන් ජෙනින්ස් නොදැවී ලකුණු 60 යි. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් කඩුල්ල බැගින් දවාගත්තා. තරගයේ පලමු ඉණිමට එංගලන්තය ලකුණු 342 යි. ශ‍්‍රී ලංකාවට ලබාගත හැකිවුයේ ලකුණු 203 ක් පමණයි. ඒ අනුව එංගලන්තය දෙවැනි ඉණිම ආරම්භ කළේ ලකුණු 139ක් ඉදිරියෙන් සිට.

සජීවී විස්තර විචාරයට ලක්හඩ ඔස්සේ සවන්දිය හැකියි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 12:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්