පාකිස්ථානයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දු වාර 50 අවසානයේ කඩුළු නවයකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 266ක්. රොස් ටේලර් ලකුණු 80ක් ලබාගත්තා. පන්දු යැවිමේදී ෂහීන් ෂා ලකුණු 46ට කඩුළු හතරක් බිඳ හෙලුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දු වාර 47යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 219ක් පමණයි. තරගය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වුණා.