පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායමේ ඉදිරිපෙල කඩුලු දිවා ආහාරයට පෙර දවාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම වී තිබෙනවා. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 10 ක් අතැතිව ලකුණු 177 ක් ඉදිරියෙනුයි ඔවුන් මේ වන විට සිටින්නේ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත්තා. දිල්රුවන් පෙරේරා කඩුලු 5ක් හා සුරංග ලක්මාල් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 203 ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් ලබා ගත්තා. සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රංගන හේරත් නොදැවී ලකුණු 14 ක් ඉනිමට එක් කළා. ඒ අනුව ලකුණු 139 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම දෙවන දිනය නිමා වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 38 ක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙන එන්නේ ලක්හඬ ගුවන් විදුලියයි.