fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනාධිපතිවරයා යළි උතුරු කොරියා නායකයා හමුවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 08:56

ඇමරිකා ජනාධිපතිවරයා යළි උතුරු කොරියා නායකයා හමුවෙයි

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ යළිත් සාකච්ඡාවක් පවත්වන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ලබන වසර මුලදී ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමටයි සැළසුම් අර ඇත්තේ. උතුරු කොරියාවේ ආයුධ අත්හදා බැලීම් ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු වෙනවා.

පසුගිය දිනවල දෙපාර්ශවය අතර මතභේද උත්සන්න වුණා. උතුරු කොරියාවට පනවා ඇති ඇමරිකා සම්බාධක ලිහිල් නොකිරිමයි ඊට හේතුව වී තිබෙන්නේ. සම්පූර්ණයෙන් න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින තුරු සම්බාධක ඉවත් නොකරන බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ගැටළු විසදා ගැනීමට සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්