ශ්රි ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාව පස්වරුවේ රැස්වනවා.පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිම මෙහි අරමුණවී තිබෙනවා. සමකාලීන දේශපාලන තත්ත්වය පිළිබඳව වැඩි අවධානය යොමු කරන බවයි නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ.
මේ අතර ආණ්ඩු පක්ෂ සියලු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්. නව ආණ්ඩුවේ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.