fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල රොකට් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 18:30

ජල රොකට් තරගාවලියේ ප්‍රථම ස්ථානය  ශ්‍රී ලංකාවට

සිංගප්පූරුවේ පැවති 14 වන ආසියා ශාන්තිකර කලාපීය ජාත්‍යන්තර ජල රොකට් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ සී එම් ඒ කේ චන්ද්‍රසේකර සිසුවා ඇතුලු තරගකරුවන්ට උපහාර පිදීමක් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී සිදුකෙරුණා. මෙම වසරේ පැවැත්වූ ජාතික ජල රොකට් තරගයෙන් 6 දෙනෙකු ජයග්‍රහණය කළා. සිංගප්පූරුවේ පැවති 14 වන ආසියා ශාන්තිකර කලාපීය ජාත්‍යන්තර ජල රොකට් තරගයට ඔවුන් සහභාගි වුණා. එම තරගයෙන් සී එම් ඒ කේ චන්ද්‍රසේකර සිසුවා ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින්.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 18:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්