fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුවේ ආසන පැනවීම කතානායකවරයාගේ වගකීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 17:35

පාර්ලිමේන්තුවේ ආසන පැනවීම කතානායකවරයාගේ වගකීමක්

ජනාධිපතිවරයෙකු අග්‍රාමාත්‍ය ධූරයට යම් පුද්ගලයෙකු පත් කළ විට ඔහුට පාර්ලිමේන්තුවේ ආසන පැනවීම කතානායකවරයාගේ වගකීමක් බව පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයෙකු වන ධම්මික කිතුල්ගොඩ මහතා පවසනවා.

වර්තමානයේ සිටින්නේ එක් අගමැතිවරයෙකු පමණි. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතානායකවරයාගේ දකුණුපස 8 වන ආසනය වෙන් කිරීම කතානායකවරයාගේ වගකීම බව කිතුල්ගොඩ මහතා පෙන්වා දෙනවා. ස්වාධීන රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ. පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීමේ බලය ඇත්තේ කතානායකවරයාටයි. ඒ අනුව පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව එම ආසන පැනවීම සිදු කළ යුතු බවයි ඒ මහතා සදහන් කරන්නේ. එමෙන්ම පාර්ලිමේන්තු වාර අවසන් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව අවධාරණය කරන ධම්මික කිතුල්ගොඩ මහතා එය යළි කැදවීමට බලය ඇත්තේ ද ජනාධිපතිතුමාට පමණක් බව පෙන්වා දෙනවා.

එහෙත් පාර්ලිමේන්තු වාර අවසන් කරන තෙක් හෝ විසුරුවන තෙක් විටින් විට යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව මගින් තීරණය කොට පාර්ලිමේන්තු රැස්වීම් කල් තැබීමට කතානායකවරයාට හැකියාවක් තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තුව කල් තබා ඇති අවස්ථාවක පැය 48 කට වැඩි කාලපරිච්ඡේදයකට අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි කතානායකවරයාට පාර්ලිමේන්තුව කල් තැබීමට හැකි වනවා. එහෙත් වත්මන් තත්ත්වය වන්නේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමක් බැවින් එය කැදවීමේ අයිතියක් කතානායකවරයාට නොමැති බවයි කිතුල්ගොඩ මහතා කියා සිටින්නේ. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර කතානායකවරයාට වැඩිම බලතල ඇති රට වන්නේ ඉන්දියාවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ මව්රට වන බ්‍රිතාන්‍යයේත් මේ දක්වා කතානායකවරයා බලය අනිසි ලෙස පරිහරණය කිරීමේ පූර්වාදර්ශයක් පෙන්නුම් කර නැති බව ද හිටපු මහලේකම්වරයා ස්වාධීන රූපවාහිනියට පෙන්වා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්