fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා රාජ්‍ය ලේකම් සහ උතුරු කොරියා නියෝජිත අතර සාකච්ඡා අවලංගුයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 14:12

ඇමෙරිකා රාජ්‍ය ලේකම් සහ උතුරු කොරියා නියෝජිත අතර  සාකච්ඡා අවලංගුයි

ඇමෙරිකා රාජ්‍ය ලේකම් සහ උතුරු කොරියා නියෝජිත පිරිසක් අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගුකර තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ උතුරු කොරියා නියෝජිතයින් අතර සාකච්ඡා නිව්යෝර්ක් නුවරදී හෙට දිනයේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉදිරි දිනයකදී සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවයි. සාකච්ඡා කල් දැමීමට හේතුව මෙතෙක් නිවේදනය කර නැහැ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාකච්ඡාව පිළිබද තීරණය කිරීමටයි දෙරටේ නියෝජිතයින් රැස්වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 14:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්