fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත පළමු ඉණිම ලකුණු 342කට සීමා වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 12:20

එංගලන්ත පළමු ඉණිම ලකුණු 342කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ  දෙවන දිනය අදයි(07). තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ(06) දිනය නිමාවන විට කඩුලු 08 ක් දැවී ලකුණු 321 ලබා ගැනීමට සමත්වුණා.

අද (07)දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ඉණිම ලකුණු 342 කට සීමා වුණා. සිය පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ බෙන් ෆෝක්ස් පන්දු 202 කදී ලකුණු 107 ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 75 කට කඩුලු 5 ක් දවාගත්තා. සුරංග ලක්මාල් කඩුලු 3 යි. රංගන හේරත් හා අකිල ධනංජය කඩුල්ල බැගින් දවාගත්තා. පළමු ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකණු 33 ක් තුළදී දැවී ගියා.

මෙය ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට වමත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත්ගේ අවසන් තරගයයි.  තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ලෙස ඔබ වෙත ගෙන එන්නේ ලක්හඩ ගුවන් විදුලියයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 12:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්