fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පියසේන ගමගේ සහ දිනේෂ් ගුණවර්ධන රාජකාරි අරඹයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 11:00

පියසේන ගමගේ සහ දිනේෂ් ගුණවර්ධන රාජකාරි අරඹයි

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතා සහ කැබිනට් අමාත්‍යවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) සිය රාජකාරි ආරම්භ කළා.

තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළේ සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේයි. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වන මනුල පෙරේරා මහතාට පත්වීම් ලිපිය ලබාදීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා. රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා.

මේ අතර මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළා. සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේයි රාජකාරි ආරම්භ කිරීම සිදු කෙරුණේ. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්