බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ ජාතික ගමනාගමන කොමිසම හා බස් රථ හිමියන්ගේ සංගම් නියෝජිතයන් අතරයි.
ඉන්ධන මිළ අඩු කිරිමට රජය පියවර ගත්තා. එම සහනය ජනතාවට ලබාදීම මෙහි අරමුණ බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්රනාන්දු මහතා සඳහන් කළේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්රධානත්වයෙන් එම සාකච්ඡා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.