fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රි ලංකාවට ඕනෑම සහායක් ලබාදෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:00

ශ‍්‍රි ලංකාවට ඕනෑම සහායක් ලබාදෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය කියයි

ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය දීම සදහා පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළු රටවල් සූදානම් බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසනවා.

ලබන 14 වන දින පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.  ව්‍යවස්ථාව සහ නීතියේ අධිපත්‍ය සුරැකීම සදහා දේශපාලනඥයින් සහ ජනතාව අතර සංවාදය තවදුරටත් දිරිගැන්විය යුතු බවද ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ  කර තිබෙනවා.

මේ අතර රටක ව්‍යවස්ථාවට අනුව එරටේ ප්‍රධානියා ගත් තීරණවලට ජාත්‍යන්තරය අත පෙවීම් සිදු නොකළ යුතු බව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය කතානායක සහ කන්සවෙටිවු පක්ෂ දේශපාලනඥ නේස්බි සාමිවරයා පවසනවා.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් බ්‍රිතාන්‍යයේදී ඔහු මේ බව ඊයේ ප්‍රකාශ කළා.

නේස්බි සාමි – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කන්සවෙටිවු පක්ෂ නියෝජිත,

” සෑම රටකටම ව්‍යවස්ථාවක් තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අසාමන්‍ය දෙයක් සිදුවී නැහැ. මහා බ්‍රිතාන්‍යයේ පවා මෙවැනි දේ සිදුවී තිබෙනවා. රජයේ පැවැත්මට යම් කිසි කාලසීමාවක් තීරණය කර තිබූ නමුත් එය ඊට පෙර අවසන් වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ සාධාරණ හේතූන් මත. රටක විධායක ජනාධිපතිවරයාට තීරණ ගැනීමේ අයිතිය තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්. අවස්ථා කිහිපයකදීම මට ඔහු හමුවී තිබෙනවා. ඔහු තම රටේ යහපත උදෙසා නව අගමැතිවරයෙකු පත්කිරීමට තීරණය කළා. අනෙකුත් රටවලට මේ සම්බන්ධයෙන් අතපෙවීම් කළ නොහැකියි. හේතුව ඒ ඒ රටවලට ආවේණික වූ ව්‍යවස්ථාවන් තිබෙනවා. අපි ශ්‍රී ලංකාව සමග ඉතාමත් සමීපව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවකදී සහාය දීමට අපි සූදානම්. මම එක් දේශපාලන පක්ෂයකට පමණක් පක්ෂපාතී නැහැ. එම නිසා මාගේ සහෝදර දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින්නේ රටවල ස්වාධීනත්වයට අත පෙවීම් නොකරන ලෙසයි.”

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්