අයවැය අතුරු සම්මත ගිණුමෙන් ඉතිහාසයේ කිසිදු රජයක් ලබානොදුන් සහන ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මුදලේ අගය ස්ථාවර කිරිම ද අරමුණක් බවයි මන්ත්‍රිවරයා පවසන්නේ.
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති අතර පසුගිය රජය සමයේදී කර්මාන්ත රැසක් වැසී ගොස් තිබෙනවා. ඒවා යළි නඟා සිටුවීම සඳහා කරුණු සෙවීමට කමිටුවක් පත්කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.