අම්පාර කරංගාව ප්‍රදේශයේ ජනතාවට හිරිහැරයක් වූ වන අලියෙකු පලවා හැරීමට වනජීවී නිලධාරීන්ට හැකිවුණා.
මෙම වන අලියා නිර්වින්දය කළේ ද දැඩි පරිශ්‍රමයකින්. අවස්ථා කිහිපයකදීම වනජීවී නිලධාරීන් පසුපස ද පන්නාගෙන පැමිණ තිබෙනවා. තුන්වන වරට ලබාදුන් එන්නතින් පසුවයි අලියා නිර්වින්දනය වූයේ. මහත් වෙහෙසක් දරා අලියා ගස් බැදීමට සමත් වුවද සිහි පැමිණිමත් සමග එම සත්වයා මහත් වෙහෙසක් දැරුවේ පාදවලට දමා තිබූ රැහැන් කඩාගෙන පැමිණීමටයි. යළිත්වරක් එන්නත් ලබා දීමෙන් පසු එම සත්වයා මෙල්ල කර ගැනීමට වනජීවි නිලධාරීන්ට හැකිවුණා. ඒ අනුව මෙම වන අලියා හොරොව්පතාන අලි රැදවූම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා.