fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණය අද

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 13:00

ඇමෙරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණය අද

ඇමෙරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණය අද ආරම්භ වනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ වසර 4 ක නිල කාලයෙන් වසර දෙකක් ගෙවී යන අවස්ථාවේයි  මෙම මැතිවරණය පැවැත්වෙන්නේ. ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සහ සෙනෙට් සභාවේ ආසන 100ක් අතුරින් ආසන 35 මෙන්ම ප්‍රාන්ත 36ක ආණ්ඩුකාරවරුන් පත් කර ගැනීම වෙනුවෙන් මෙම මැතිවරණය පැවැත්වෙනවා. ඒ අනුව එහි පාලනය හිමි කර ගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි වසර 2හි පාලනයට අතිශය වැදගත් වනවා. මේ වනවිටත් මධ්‍යකාලීන මැතිවරණය තියුණු ස්වරූපයක් ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මැතිවරණය වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා යොමුකර ඇති දැන්වීම් එරට බොහෝ මාධ්‍ය ආයතන ඉවත දමා ඇති බවද වාර්තාවනවා. ට්‍රම්ප් මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රචාරය කළ ආරක්ෂක අංශ සාමාජිකයෙකු , සංක්‍රමණිකයෙකුව මරා දමන දසුනක් සහිත දැන්වීමක් ඉවත් කිරීමට ද මාධ්‍ය ආයතන කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්