fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රංගන ගාලු පිටියේ සියවැනි ටෙස්ට් කඩුල්ලත් දවාගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 12:20

රංගන ගාලු පිටියේ සියවැනි ටෙස්ට් කඩුල්ලත් දවාගනී

රංගන හේරත් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ සියවැනි ටෙස්ට් කඩුල්ල අද (06) වාර්තාකළා. ඒ එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් ලකුණු 35 කට දවාගනිමින්. පලමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (06) පෙරවරුවේ ආරම්භ වුණේ රංගන හේරත්ට පේ‍්‍රක්ෂකයන්ගේ උණුසුම් ප‍්‍රතිචාරත් සමගින්. කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව තරගය දිවා ආහාරය සදහා නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු පහකට ලකුණු 113 ක් රැස්කරගෙන සිටියා. කීටන් ජෙනින්ස් ලකුණු 46 යි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ දිල්රුවන් පෙරේරා කඩුලු දෙක බැගින් බිද හෙළුවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 12:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්