මොරගහකන්ද බලාගාරයේ විදුලිය නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්සේ ජාතික විදුලි පද්ධතියට දිනපතා මෙගාවොට් 25ක් මුදාහැරෙන බවයි මොරගහකන්ද කලුගඟ වාරි ව්‍යාපෘතියේ ඉංජිනේරුවරුන් සදහන් කළේ.
විදුලිය නිෂ්පාදනයෙන් බලාගාරය දෛනිකව උපයන ආදායම රුපියල් ලක්ෂ 40 ක්. අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 1545 ක් බව ද මොරගහකන්ද කලුගඟ වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී ජි දයානන්ද මහතා සදහන් කළා.
මේ අතර ඉහල ජල ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂා තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි දෙලක්ෂ අනුහත් දහසක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එය සමස්ත ජලාශයේ 66 %ක මට්ටමක් බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ. වසර 50 කට පමණ පසු මොරගහකන්ද ප්‍රදේශයට ඇදහැළුණු වැඩිම වර්ෂාපතනය පසුගිය දිනවල වාර්තා වූ බව ද ඉංජිනේවරුන් පෙන්වා දෙනවා.