Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් මිලියන 97 ක ආධාර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 11:15

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් මිලියන 97 ක ආධාර

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීම් සදහා රුපියල් මිලියන අනූහතක ආධාර මුදලක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා.

ඒ සදහා වන ගිවිසුමට ඊයේ කොළඹ දී අත්සන් තැබුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ ද හෙලෝ ට්‍රස්ට් සංවිධානයේ වැඩසටහන් කළමනාකාර මයිකල් ඩයර් මහතා ඊට අත්සන් තැබුවා. උතුරේ ජීවනෝපාය ගොඩනැගීම හා නැවති පදිංචි කිරිම සදහා වන බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙවර සදහා වූ ව්‍යාපෘතියක් ද  හෙලෝ ට්‍රස්ට් සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ අනුවයි එම ආයතනයට මෙම ආධාර ලබා දෙනු ලැබුවේ. මේ සදහා 2003 වසරේ සිට ජපානය ආධාර ලබා දී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 11:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්