fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 08:48

දුම්රිය මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

දුම්රිය මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. ප්‍රධාන දුම්රිය මාර්ගයේ  කැළණිවැලි දුම්රිය මාර්ගයේ  සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටයි මෙසේ බාධා එල්ලවී ඇත්තේ. ප්‍රධාන මාර්ගයේ හා කැළණිවැලි මාර්ගයේ දුම්රියයන් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙනුයි දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන්නේ. උඩරට මාර්ගයේ ධාවනයට බාධා එල්ලවී ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුයි.

ඇල්ල බණ්ඩාරවෙල දුම්රිය මාර්ගයේ ඊල්ඔය , කිණියාගම අතර ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ දියතලාව යුද හමුදා කදවුරේ සෙබලුන්ගේ දායකත්වයෙන්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo