හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබේ. මේ වෙනුවෙන් දීපාවලී සැමරුම් උත්සව දිවයින පුරා සංවිධාන කර තිබෙනවා.
අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සැමරෙනවා. මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි. දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සදහා එක් වන්නේ මහත් බැති සිතින්.
ජන වර්ග අතර විරසක දුරලා අන්‍යෝන්‍ය අවබෝධයත් සහජීවනයත් ඇති කිරිමට දීපාවලි උළෙල පිටිවහලක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. ඒ දීපාවලි වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින්. මෙම උත්සවය සංස්කෘතික බැදිමක් ගොඩනඟා ගත හැකි විශේෂ අවස්ථාවක්. ජනතාව සහෝදරත්වයෙන් බැඳ තබා ගැනීමටත් දිපාවලි උත්සවය ඉවහල් වන බවයි ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් දැනුම් දුන්නේ.
හින්දු භක්තිකයන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවත් සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය හා සංහිදියාව දීපාවලි උත්සවයෙන් පිළිබිඹු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මෙම උත්සවයෙන් සැමරෙන්නේ ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නැමැති අසුරයා පරාජය කොට ලෝකයට අලෝකයක් ආශ්රීර්වාදයක් ගෙන ඒමයි. ශ්‍රි ලංකාවාසි සියලු හින්දු භක්තිකයන්ට සුභාසිංශන පිරිනමන බවත් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ජනාධිපතිගේ දීපාවලී පණිවිඩය