තමන් අගමැති පුටුව මාරු කිරීමෙන් සිදු කළේ නොගැලපෙන දර්ශනයක් ඉවත් කර ඊට ගැලපෙන දර්ශනයක් සහිත පුද්ගලයෙකු පත් කිරීම බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. රටම රකින ජනමහිමය දැවැන්ත ජනරැළිය අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ.
රට රකින ජනමහිමය යෝධ ජනහමුවට ජනාධිපතිතුමා හා අග්රාමාත්යවරයා පැමිණියේ එකම රථයකින්. ඔවුන් වේදිකාව වෙත පැමිණීමත් සමග රැස්ව සිටි අතිවිශාල ජනකායෙන් හිමි වූයේ ඉහළ ප්රතිචාරයකි.
මෙහිදී ජනහමුව ඇමතූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා , රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට හේතු වූ කරුණු ජනතාව හමුවේ පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=U8V9frapoA8&feature=youtu.be&fbclid=IwAR3CHQXo0h6TjRQW74wn95et3XJVoeQBQowqC-QslbL623fbLjyypyv4BIM”]
මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය රජයට ඇති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=z87R5kmU-UQ&feature=youtu.be&fbclid=IwAR2e6m-ySoYgA9U33g0DxjLJai_Go2vyClO0Kdeh547zwbmoHt2Wo7DE4Tc”]
මෙම ජනහමුව ඇමතූ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශාල ජනතා ප්රතිචාරයක් හිමිවුණා.ජනතාව ඇමතූ අග්රාමාත්යවරයා පැවසුවේ මෙම එක්වීම කිසිදු ආකාරයකින් යළි කැඩීමට ඉඩ නොතබන බවයි.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=YiMxrWCbLpI&feature=youtu.be&fbclid=IwAR2pbT9HZwDN0dJbuyF2AUS_FPo37j0oMLv8lJMC61DVdaBarqw1aP-P6pI”]
මේ අතර තවත් මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු රටම රකින ජනමහිමය දැවැන්ත ජනරැළිය ඇමතුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=YNJEpdE8Vts&feature=youtu.be&fbclid=IwAR3CHQXo0h6TjRQW74wn95et3XJVoeQBQowqC-QslbL623fbLjyypyv4BIM”]