fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායක නිවේදනය ව්‍යවස්ථාවට පටහැනියි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 14:18

කතානායක නිවේදනය ව්‍යවස්ථාවට පටහැනියි

කතානායක කරූ ජයසූරිය මහතා අද දින නිකුත්කර ඇති නිවේදනය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බව රජය අවධාරණය කරනවා. එම නිවේදනය හුදෙක් ජයසූරිය මහතාගේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතාවක් සපුරාලීමක් පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කරූ ජයසූරිය මහතා සිය නිවේදනයෙන් තමා හෘද සාක්ෂියට එකගව ක්‍රියා කිරීම මේ මොහොත් ඔහු සතු ජාතික යුතුකමක් බව සදහන් කර තිබේ. එහෙත් හෘද සාක්ෂිය යනු තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථය නොවන බවයි රජයේ මැති ඇමතිවරුන් පෙන්වා දෙන්නේ. තවද මන්ත්‍රීවරුන් 116 දෙනෙකු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට අත්සන් තබා ඇතැයි කරූ ජයසූරිය මහතා සදහන් කර තිබෙනවා. එහෙත් පසුගියදා ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරුන් කතානායකවරයාගේ ඉල්ලීමට පාර්ලිමේන්තුවට පැමිණියේ පාර්ලිමේන්තුව වහාම කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමටයි. එහෙත් එම මන්ත්‍රිවරුන්ගේ අභිමතය විකෘති කිරීමට කතානායකවරයා කටයුතු කර තිබෙන බවයි ඔවුන් අවධාරණය කරන්නේ. එය කතානායකවරයෙකුට සුදුසු ක්‍රියාවක්  නොවන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ මැති ඇමතිවරුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම කතානායකවරයා නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බව අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ. එමගින් කතානායකවරයා දේශපාලන හා පක්ෂග්‍රාහීවී අර්බුදයක් නිර්මාණය කිරීමට කටයුතු  කරන බවයි මිට ස්වල්ප වේලාවකට පෙර පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මැති ඇමතිවරුන් අවධාරණය කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo