fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් පද්ධතිය තුළ කලාව පිළිබඳ අවධානය අඩු බව අධ්‍යාපන ඇමති කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 14:34

පාසල් පද්ධතිය තුළ කලාව පිළිබඳ අවධානය අඩු බව අධ්‍යාපන ඇමති කියයි

පාසල් පද්ධතිය තුළ සිසුන්ට කලාව පිළිබඳ ලබාදෙන අධ්‍යාපනය ප‍්‍රමාණවත් නොවන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ඒ මාතර වලස්මුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ජාතික කලා මහෝත්සවයට එක්වෙමින්.

සාහිත්‍යය සෑම දෙනාගේම හදවත් තුළ තිබිය යුතු විෂයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අවධානය යොමුකළා. ඒ ජාතික පාසල් 352ක් පැවතියද ස්ථිර විදුහල්පතිවරුන් සිටින්නේ පාසල් 50ක පමණක් බව පෙන්වා දෙමින්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 14:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්