fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා – එංගලන්තය පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:23

ශ‍්‍රී ලංකා – එංගලන්තය පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදීයි.

දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, සුරංග ලක්මාල් සංචිතයට ඇතුළත්. ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා සහ කෞෂාල් සිල්වා ද ටෙස්ට් සංචිතයට ඇතුළත් බවයි ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ලොව බිහිවූ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා ලෙස සැළකෙන රංගන හේරත් පළමු ටෙස්ට් තරගයෙන් පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහු ශ‍්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදීයි. ඒ ඕස්ටේලියාවට එරෙහිවයි. මෙතෙක් ඔහු ලබාගෙන තිබෙන ටෙස්ට් කඩුළු සංඛ්‍යාව 415ක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්