නව ආණ්ඩුවට සහය පළ කෙරෙන රටම රකින ජන මහිමය මහජන රැළිය අද (05) දහවල් 12.00ට පාර්ලිමේන්තු වටරවුමේදී ආරම්භ වනවා. ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.
රට ගොඩනැගිය හැකි එකම අවස්ථාව මෙය බව පෙන්වීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද පාර්ලිමේන්තු වට රවුමට එක්රැස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළා.
ජනතා රැළිය පැවැත්වෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැළැස්මක් ද ක්‍රියාත්මක කරන බවයි පොලිස් රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
පාර්ලිමේන්තුව අවට ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 1200කට ආසන්න පිරිසක් කැඳවා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය ද අවශ්‍ය ආරක්ෂාව සැපයීමට සුදානමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.