බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් දිවයින අභන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල යෙදෙන ධීවරයින් අද රාත්‍රියට පෙර ආසන්න ගොඩබිම් ප්‍රදේශයකට හෝ ආරක්ෂාකාරී මුහුදු ප්‍රදේශයකට ගමන්කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු සිදු නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අද රාත්‍රියේ සිට ලබන 7 වනදා දක්වා වැසි තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළකරන්නේ. මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් , ඌව ,දකුණ සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථානවලට තද වැසි අපේක්ෂා කෙරෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි. අද සිට ලබන 7 වනදා දක්වා ත්‍රිකුණාමලය සිට මඩකලපුව , පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකිය යුතුයි. ලබන 7 සහ 8 දිනයන් හිදී ත්‍රිකුණාමලය සිට කංකසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වල මුහුදු ප්‍රදේශ වලට නොයන ලෙස දැනුම් දෙනවා.