ඉන්දීය සිනමාව තුළ වෙනස්ම ආරක් ගත් සිනමාපටය තමයි “මෝහන්ලා අසී” මෙය ව්‍යාජ ආගමික ගුරුවරුන් උපහාසයට ලක් කරන බොලිවුඩ් සිනමාපටයක්. ආචාර්ය කාසි නාත් සින්ං ගේ කාශිකා අශි ජනප්‍රිය නවකතාව යම් තරමකට පාදක කරගෙන මෙම සිනමාපටය නිර්මාණය කරගෙන තිබෙනවා.
වරනාසි අසී ගංන්ගධාරය හින්දු ආගමික පූජකවරුන් පදිංචි ස්ථානයක්. එහි පදිංචි ව්‍යාජ පූජකවරුන් විසින් විදෙස් සංචාරකයන් රැවටීමට ලක්කරයි. ඊට එරෙහිව නැගී සිටින පූජකයයාගේ චරිතය නිරූපනය කරන්නේ ප්‍රවීන නළු සනි ඩියෝල්ය. ඔහුගේ බිරිය ලෙස සාක්ෂි කන්වර් රංඟනයේ යෙදෙයි. එමෙන්ම නිදහසට පෙර 1990 දක්වා කාලය තෙක් සිනමාපටය දිග හරෙයි.
චන්ද්‍රප්‍රකාශ් ද්ව්වේදී මෙම සිනමාපටයේ අධ්යක්ෂවරයායි. මෙම සිනමාපටය මේ මස 16 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/G4-uLtTZ7NU”]