පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවිමට හෝ එක්සත් ජාතික පක්ෂයට සහාය දීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. ඒ පසුගිය රජය ජනතා අපේක්ෂා ඉටු නොකළ බවට චෝදනා කරමින්. යහපාලනය මුළුමනින්ම බිඳ වැටුණු පසුගිය ආණ්ඩුව විසුරුවා හැරිය යුතුම ආණ්ඩුවක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා සඳහන් කළේ.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මුලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළා.