fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති එගොඩ කැලණිය විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:00

ජනාධිපති එගොඩ කැලණිය විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

ඓතිහාසික  එගොඩ කැලණිය හෙවත් කිත්සිරි මෙවන් කල්‍යාණි රජමහා විහාරස්ථානයේ සංස්කරණ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.

ඓතිහාසික  එගොඩ කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විමසා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා.  කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන්වහන්සේ  සිදු කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පුද බිමේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කෙරුණා.  ඒ ත්‍රිවිද හමුදාවේ දායකත්වය ද සමගයි. ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි මෙම පුදබිමේ ඉපැරණි බෝධිකරය සහ පොකුණ ඇතුළු අංග මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්