මන්ත්‍රී පදවිය රුපියල් කෝටි පනහකට විකුණා ඇති බවට එල්ල කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වන ජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. තමා එක්සත් ජාතික පක්ෂය සමග සිටියද ජනතා අපේක්ෂා ඉටු කිරීමට ඔවුන් අපොහොසත් වූ බවයි නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා කියා සිටින්නේ.
සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ තමා පිළිබද අසත්‍ය ප්රවෘත්ති පළ වන බව වසන්ත සේනානායක මහතා පවසනවා. පොළොන්නරුව ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ තමා සැමදා ඔවුන්ගෙ නායකයා බවයි සේනානායක මහතා කියා සිටියේ. තමා බලයට පත් කළ ජනතාවට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද හෙතෙම අවධාරණය කරනවා. රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් ජනාධිපතිතුමාගේ ආරාධනයට අනුව ආණ්ඩුවට සහාය දීමට තීරණය කළද මන්ත්‍රී ධුරය මුදලට පාවා නොදුන් බව ඒ මහතා පෙන්වා දෙනවා. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් තමා අපේක්ෂා කළ වැඩ පිලිවෙල ජනතාව වෙනුවෙන් සිදු කළ හැකි බවයි අමාථ්‍යවරයා ප්‍රකාශ කරන්නේ.