Life+News The Official News Portal of Independent Television Network Ltd

“Monna Vanna” විකිණීමට සූදානම්…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:09

“Monna Vanna” විකිණීමට සූදානම්…

නිරුවත් කාන්තාවකගේ උඩුකය දැක්වෙන අඟුරු සිත්තමක් ‘මොනා ලීසා’ (Mona Lisa )ලෝක ප්‍රකට සිතුවමේ මූලික දළ සටහන ලෙස ප්‍රංශයේ කලා විද්වතුන් විසින් පසුගියදා හඳුනා ගෙන තිබුණා.

එම අඟුරු සිත්තම මෙතෙක් නම් කරනු ලැබ තිබුණේ ‘මොනා වන්නා’ (Monna Vanna) යනුවෙනි.

පැරිස් අගනුවර උතුරු කලාපයේ පිහිටි කලාගාරයක 1862 වසරේ පටන් වසර 150කට අධික කාලයක් තැන්පත් කරනු ලැබ තිබුණ එම සිත්තමෙහි ‘මොනා ලීසා’ සිතුවමේ දැක්වෙන කාන්තා රුවට සමාන ඉරියව්වෙන් රේඛාගත කරන ලද කාන්තා රුවක් දැක්වෙන අතර එහි වෙනස එය නිරුවත් කාන්තා උඩුකයක් වීම පමණයි.

පුනරුද සමයේ ‘මොනා ලීසා’ සිතුවම් කරන ලද්දේ ඉතාලි ජාතික ලියනාර්ඩෝ ඩා වින්සි (1452-1519) විසිනුයි.

නිරුවත් කාන්තා උඩුකය සහිත සිතුවම ඩා වින්සිගේ නිර්මාණයක් හැටියට කලින් පිළිගෙන තිබුණ අතර, පැරිස් අගනුවර ‘ලූව්රේ ‘ (Louvre) කෞතුකාගාරයේ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව එය කලාකරුවා ‘මොනා ලීසා’ සිතුවම තෙල් සායමින් නිම කිරීමට පෙර අඳින ලද එහි දළ සැකසුම ලෙස දැන් හඳුනා ගෙන තිබෙනවා.

ඩා වින්සි ගේ ‘මොනා ලීසා’ දැනට ලෝකයට ඉතිරිව ඇති මහා පිළිගැනීමක් මෙන්ම මූල්‍ය වටිනාකමක් සහිත ඓතිහාසික කලා නිර්මාණ අතලොස්ස අතර මුල් තැන හිමිකර ගනු ලබන ඉතාලි පුනරුද සමයේ බිහි වූ සිතුවමකි.

‘මොනා ලීසා’ නිර්මාණය වුණේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ නිලධාරියකු මෙන්ම රෙදිපිළි වෙළෙන්දකුව සිටි ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දෝගේ ඇණවුමකින් ඔහුගේ බිරිඳ වූ ලීසා ගෙරාර්දිනීගේ උඩුකය සිතුවමට නැගීමේ උවමනාව නිසා යයි විශ්වාස කෙරෙයි.

‘මොනා වන්නා’ එම ‘මොනා ලීසා’තෙල් සායම් සිතුවමේ මූලික දළ සැකසුම වන බව බොහෝ දුරට නියත කරුණකැයි ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ සංවිධායකවරයා මාධ්‍ය වෙත කියා තිබෙනවා.

සිතුවම් දෙකේ අත් සහ මුහුණු ඉරියව්වල සාම්‍යත්වයත් ඔහුගේ අගය කිරීමට ලක් වුණා.

‘මොනා වන්නා’ සිතුවම ඩා වින්සිගේ කාලයට අයත් බව පරීක්ෂණ මගින් තහවුරුව ඇති බව ‘ලූව්රේ ‘ (Louvre) කෞතුකාගාරයේ සංරක්ෂණ විශේෂඥයකු වන බෘනෝ මොටිං (Bruno Mottin) විසින් තහවුරු කළා.

මෙම සිතුවම් දෙක එකම ප්‍රමාණයකින් යුක්ත වන අතරම අත් සහ සිරුරේ ඉරියව් නිවුන් රූ දෙකක මෙන් අතිශයින් සමාන වනවා. කෙසේ නමුත් මෙම සිතුවම මේ වන විට අලෙවිය සඳහා ප්‍රදර්ශනයේ තබා ඇති බවටයි වර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්