ලබන වසරේ 5%ක හෝ ඊට වැඩි ආර්ථීක වර්ධන වේඟයක් බලාපොරොත්තු වන බව මුදල් අමාත්යංශය ප්රකාශ කළා.
රුපියල ස්ථාවර මට්ටමක පවත්වා ගැනිම සඳහා ද විධිමත් වැඩපිළීවෙලක් ක්රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවයි අමාත්යංශය සඳහන් කළේ. මහ බැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්යංශය ඒකාබද්ධව වැඩපිළිවෙල ක්රියාත්මක කිරිමටයි අපේක්ෂා කරන්නේ. කෘෂිකර්මාන්තයේ ඉහළ වර්ධනයක් බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්යංශය ප්රකාශ කළා.