දීපවාලී උත්සව සමයේ හැටන් නගරයේ පදිකවේදිකා අවහිර කරන වෙළෙඳුන් ඉවත් කිරීමට පොලීසිය තීරණය කළා. ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඒවායේ කටයුතු ජනතාවට අවහිර වන බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් සියලු පදිකවේදිකාවල වෙළෙදාම් කිරීමට ඉඩ ලබානොදීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. ඒ සඳහා වෙනත් ස්ථානයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බවයි හැටන් මූලස්ථාන පොලීසිය සඳහන් කළේ.