ඇමෙරිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්රාන්තයේදීයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. එම ප්‍රාන්තයේ යෝග පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව සදහන්. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සැකකරු හදුනාගෙන තිබුණද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ.