සෞඛ්‍ය ආරක්ෂිත නොවන ලෙස ආහාර සැකසූ ස්ථාන සහ වෙළෙදසැල් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් 83 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා. ඒ හැටන් නගර සභා බලප්‍රදේශයේ සිදුකළ හදිසි මෙහෙයුමකදීයි.
එහිදී ව්‍යාපාරික ස්ථාන 150 කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. දීපවාලී උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙවැනි වැටලීම් සිදුකරන බව නුවරඑළිය දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණි පෙරේරා මහතා සඳහන් කළා.