fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2%කින් බස් ගාස්තු අඩු කිරීම ගැන අදත් සාකච්ඡා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:15

2%කින් බස් ගාස්තු අඩු කිරීම ගැන අදත් සාකච්ඡා

2%ක ප‍්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමට සමස්ථ ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ විධායක සභාව තීරණය කළා. ඒ පිළිබද ජාතික ගමනා ගමන කොමිසන් සභාව සමඟ ලබන බදාදා සාකච්ඡා කරන බවයි එම සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් සඳහන් කළේ. සාමාන්‍ය හා සුඛෝපබෝගී සියලු සේවා සඳහා මෙම ගාස්තු අඩුකිරීම කි‍්‍රයාත්මක කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

බස් ගාස්තු අඩුකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

අධිවේගී මාර්ගයේ බස් රථවල ගාස්තු සම්බන්ධයෙන් ද ජාතික ගමනා ගමන කොමිසන් සභාව සමඟ සාකච්ඡා කරන බව ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්