Life+News The Official News Portal of Independent Television Network Ltd

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් එජාපයට අවවාදයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:08

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් එජාපයට අවවාදයක්

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළා. ඒ රවී කරුණානායක, ජෝන් අමරතුංග සහ නිරෝෂන් පෙරේරා යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිස උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි.

පොදුජන විඥාණය හදුනා නොගැනීම සහ ආර්ථික සහන ලබානොදීම පසුගිය රජය පෙරළී වත්මන් දේශපාලන අර්බුදය ඇතිවීමට හේතුව බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වාදුන්නේ. දැඩි බදු ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කිරීම, ඉන්ධන වලට මිල සූත‍්‍රයක් හදුන්වාදීම වැනි කරුණු ජීවන වියදම වැඩිවීමට බලපා තිබෙනවා. එසේ නොවී එක්සත් ජාතික පක්ෂය ජනතාවාදී ආකල්ප ඇති කරගත යුතු බවයි මැල්කම් හිමිපාණන් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 09:08
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්