fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි දින කිහිපයේ ගැඹුරු මුහුදට යාමෙන් වළකින්නැයි නිවේදනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 15:30

ඉදිරි දින කිහිපයේ ගැඹුරු මුහුදට යාමෙන් වළකින්නැයි නිවේදනයක්

ඉදිරි දින කිහිපයේදී ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කාලගුණය අයහපත් වන බැවින් එම ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඉදිරියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ලැබීමේ තත්ත්වයක් පවතිනවා. ලබන 5 වනදා සිට එය බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. හෙට (04) සිට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 30 ත් 40 ත් දක්වා වැඩි විය හැකියි. එය විටින් විට පැයට කිලෝමීටර පනහ දක්වා ඉහළ යාමේ තත්ත්වයකුයි පවතින්නේ. මේ අනුව මුහුද රළු වන බැවින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්