fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපිරි නළු ශාරුක්ගේ උස අඩුවෙයි..

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 14:21

සුපිරි නළු ශාරුක්ගේ උස අඩුවෙයි..

බොලිවුඩ් සිනමාවේ රජු විදිහට සැලකෙන්නේ ශාරුක් ඛාන් . බොලිවුඩයේ විවිධ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය සුපිරි චරිතයක්වන ශාරුක් ඛාන් සම්බන්ධයෙන් මේ දිනවල දී ලොව පුරාම විශේෂ අවධානයක් හිමි ව තිබෙනවා.

ඒ ඔහු රංගනයෙන් දායක වන Zero චිත්‍රපටය නිසා. මේ චිත්‍රපටයේ ශාරුක් රඟපාන්නේ මිටි පුද්ගලයෙකුගේ චරිතයක්. ශාරුක් එක්ක කත්‍රිනා කායිෆ්, අනුෂ්කා ශර්මාත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

රාජ්, නැමති චරිතයට පණ පොවන ශාරුක්,  කෙටි සිහින මනසක් සහිත මිනිසෙකුගේ චරිතය මැනවින් රඟපායි. මෙම සිනමාපටයේදී ඔහු අපේක්ෂා කරන්නේ කුමක් දැයි ඔහු දැන නොසිටි නමුත් සැබෑව වන්නේ සැබෑ ආදරය විවිධ ආකාරවලින් ඔහු හමුවට පැමිණීමයි. අවසානයේ ඔහුට කුමක් වෙයිද?සිනමා පටය පුරාම ආදරය සංවේදීත්වය ගලා යන් ආකාරයක් දැකගන්න පුළුවන්.

 

‘Zero’ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ  Anand L. Rai  යි. එහි නිෂ්පාදනය Anand L. RaiGauri KhanKaruna Badwal විසින් සිදු කරන අතර Ajay-Atul ගේ සංගීතයෙන් සිනමාපටය වර්ණවත් වී තිබෙයි.

 

ලොව පුරා රසික රසිකාවියන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වන ‘Zero’ සිනමාපටය December 21, 2018 දින සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 14:21

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්