fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට බලවත් රටවලින් එල්ල වන අතපෙවීම් ප්‍රතික්ෂේප කරනවා – අවුන්සාන් සුකී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 13:57

ශ්‍රී ලංකාවට බලවත් රටවලින් එල්ල වන අතපෙවීම් ප්‍රතික්ෂේප කරනවා – අවුන්සාන් සුකී

ශ්‍රී ලංකාව මියන්මාරය වැනි රටවලවලට ලෝකයේ බලවත් රටවලින් සිදුවන අතපෙවීම් ප්‍රතික්ෂේප කරන බව මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා අවුන්සාන් සුකී මහත්මිය  පවසනවා.

රටවල් තුළ පැන නැගින ගැටලු ඒ ඒ රටවලටම විසදා ගැනිමේ හැකියාව පවතින බවයි ඒ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නන්දමිත්‍ර ඒකනායක මහතා සමග අවුන්සාන් සුකී මහත්මියගේ නිලනිවසේදී පැවති සාකච්ඡාවකදීයි සුකී මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

ඉදිරියටත් ශ්‍රී ලංකාවට තම රටේ සහයෝගය නොවඩුව ලබා දෙන බවයි ඇය මෙහිදි සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපෙක්ෂා කරන බව ද සුකී මහත්මිය මෙහිදි කියා සිටියා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo