fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ අගමැති විශේෂ සාකච්ඡාවක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 11:16

බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ අගමැති විශේෂ සාකච්ඡාවක

වැදගත් තීරණ රැසක් පිළිබද සාකච්ඡා කිරිම සදහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. සාකච්ඡාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේයි.

මෙම සාකච්ඡාවට දේශපාලන පක්ෂ රැසක නායකයින් සහභාගිවී සිටින බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් මෙම සාකච්ඡාවට එක්ව සිටිනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි මහතා ජාතික ඒකාබද්ධතා සහජිවන සහ ඉස්ලාම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඊයේ (02) දිනයෙයි. මේ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්දිරන් මහතා ද නැගෙනහිර පළාත් ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) දිවුරුම් දුන්නා. අදත් (03) අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.  දිනෙන් දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්මන් රජයට සහය පළ කිරිමත් සමග රජය තව තවත් ශක්තිමත් වන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2018 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්