රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දහතුනක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසිය සමත්වුණා.
ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට උපයෝගී කරගත් ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉංගිරිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.