fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිඟයකින් තොරව පොහොර ලබාදීමට උපදෙස්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:26

හිඟයකින් තොරව පොහොර ලබාදීමට උපදෙස්

මෙවර මහ කන්නයේ වී වගාව සහ අනෙකුත් වගාවන් සදහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත අවශ්‍ය පොහොර වර්ග කිසිදු හිඟයකින් තොරව ලබාදීමටයි තීරණය කෙරුණේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා නිලධාරීන්ට මේ පිළිබඳ උපදෙස් ලබාදුන්නා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයට පත් කළ පරිදි යූරියා පොහොර කිලෝග්‍රෑම් පනහක් රුපියල් පන්සියයකට ද සෙසු බෝග සඳහා ලබාදෙන පොහොර කිලෝග්‍රෑම් පනහක් රුපියල් දහසකට ද ලබාදීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇති. බඩඉරිඟු, උඳු ඇතුළු ධාන්‍ය වර්ග මෙවර අක්කර සිය ගණනක වැඩිපුර වගා කරන බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo